Monday, April 20, 2015

Software නැතුව Hide කරමු




ඔන්න කට්ටියටම දැනගන්නත් එක්ක මම ‍‍පොඩි Trick එකක් ‍ගෙනාවා. ඔයාලට වටින කියන රහස් එ‍හෙම තියනවා නම් මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා දන්නවනේ සාමාන්‍ය විදිහට Right Click කරලා Properties ගිහින් Hide කරන්න පුලුවන්නේ..

මේ ක්‍රමයේදි නම් එහෙම කරන්නේ නෑ. සාමාන්‍යෙයෙන් Software එකකින් Hide කරද්දි Password එක මතක නැති උනොත් ඉදලා ඉවරයිනේ. අපි ඉතින් ඔය Password ලියලා තියාගන්න එකක් ඈ.....
හරි දැන් රවුම් ගැහුවා ඇති. අපි වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ Notepad එක Open කරගන්නකෝ. හරි දැන් මම පල්ලෙහා දාලා තියන Code එක ඔයාලගේ Notepad එකට Copy කරගන්න.
@echo off
attrib +s +h +r *.* /S /D
attrib +s +h +r /S /D *.*
pause

හරිනේ දැන් මේක ඔයාලා Save කරගන්න ඕනේ. ඔයාලට කැමති තැනක Save කරගන්න. Save කරගනිද්දි නමේ අගට .CMD කියන Extension එක දෙන්න ඕන. Run.cmd මේ විදිහට Save කරගන්න. දැන් Save කරගත්ත එක Hide කරගන්න ඕන Folder එක ඇතුලට Copy කරගන්න. හැබැයි ඔයාලට Hide කරගන්න ඕන දේවල් ඔක්කොම එක Folder එකක් ඇතුලට දාලා තියන්න. මොකද මේ ක්‍රමයේදී Folder එකේ තියන හැමදේම Hide වෙනවා.
දැන් මේක Run කරන්න.



මේ විදිහට "Press any key to continue........." වැටුනම Enter කරන්න. දැන් Folder එකේ තියන හැමදේම Hide වෙලා තියනවා.
දැන් Hide කරගත්තට මදිනේ ඒක Unhide කරගන්නත් ඕනනේ. මේකට පහල තියන Code එක ඔයාලගේ අලුත් Notepad එකකට Copy කරගන්න.
@echo off
attrib -s -h -r *.* /S /D
attrib -s -h -r /S /D *.*
pause
දැන් ඒකත් කලින් වගේම Save කරගන්න.
මේකත් Save කරද්දි .CMD කියන Extension එක දෙන්න. -Run.cmd විදිහට කැමති තැනක Save කරගන්න. දැන් Save කරගත්ත එක Hide කරගත්ත Folder එක ඇතුලට Copy කරගන්න.
දැන් මේක Run කරන්න.
එතකොටත් කලින් වගේම "Press any key to continue......." වැටුනම Enter කරන්න. දැන් Folder එකේ තියන හැමදේම Unhide වෙලා තියනවා.

දැන් හරිනේ. හොදයි කියලා හිතෙනවා නම් Share කරන්න. මොකක් හරි ගැටලුවක් තියනවා නම් Comment එකක් දාලම යන්න.

Saturday, April 18, 2015

එකපාර Facebook Account 2කට Log වෙමු.


ඔයාලත් Facebook Account දෙකක් හෝ ඊට වැඩි ගානක් පාවිච්චි කරන කෙනෙක් නම් මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි.

සමහර වෙලාවට Account දෙකටම යන්න වෙන අවස්ථා එනවා නේද? එහෙම වෙලාවට එකකින් Log out වෙලා අනිකට යනවා කියන්නේ එපා වෙන වැඩක්නේ....

කොටින්ම කිව්වොත් පිස්සු හැදෙනවනේ.

ඊට වඩා හොද වැඩක් තියෙනවා. මේ ක්‍රමයෙන් Facebook Account (සැ.යු - ඕනෑම වර්ගයේ Account එකකට Log වෙන්න පුළුවන්) කීපයකට එකපාර Log වෙන්න පුළුවන්. ඒක හොදයිනේ.

වටේ ගියා ඇති. දැන් ඒ ක්‍රමේ ඉගෙන ගමුකෝ.

මේ Browser වලට මේ විදිහට දා ගන්න පුළුවන්.

1. Google Chrome


Google Chrome වලදී මේ විදිහට New incognito window (Ctrl+Shift+N) එකක් ගත්තම අළුත් window එකක් Open වෙයි. ඒකෙනුත් Facebook log වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් log වුනාම අපේ History එකේ නම් මුකුත්ම Save වෙන්නෙ නෑ. මේක Torch Browser එකටත් වැඩ හරිනේ.

2. Internet Explorer


Internet Explorer වලදී File »»» New Session ගියපුවහම අළුත් Window 1ක් දෙනවා. ඒකෙනුත් ඕනම Account එකකට log වෙන්න පුළුවන්.

3. Firefox


Firefox වලදී මේ රෑපයේ තියනවා වගේ Tab 1ක් උඩ Right Click කරලා Open in a New Identity Profile, Click කරන්න.

Firefox වල ඒ ක්‍රමේ හරි ගියෙ නැත්තන් මෙහෙම කරන්න.

Tools »»» Start Private Browsing (Ctrl+Shift+P) ඔබන්න. හැබැයි මෙතනින් log වුනාමත් History එකේ මුකුත්ම Save වෙන්නෙ නෑ.

මේක පොඩ්ඩක් හරි වටිනවා නම් Comment 1ක් දාලා යන්න.

Friday, April 17, 2015

Phishing (දැනගැනීමට පමනි)



ඔන්න ආයෙත් මම ඔයාලට ඕන කරන වැදගත් දෙයක් ගෙනාවා. මේක ගැන දන්න අයත් ඇති. නොදන්න අය වැඩි හින්දා මම අරගෙන ආවා.

මේ වචනය කියවද්දි ඔයාලට මතක් වෙනවා ඇති Fishing(මාළුබෑම). මේකත් ඒ වගේම තමයි. මේකට මම ඡායාරෑපයක් එක්කම දාලා තියනවා බලන්නකෝ.




මේ පින්තූරයේ තියෙන්නේ කවුරු හරි අන්දන්න වෙන කෙනෙක් හදපු Facebook එකේ Phishing page එකක්.

Phishing වලදී වෙන්නේ අපේ පරිගණකයේ භාවිත වෙන සංවේදී දත්ත (Usernames, Passwords, Bank card number and Credit card number) ආදිය බොහෝම පහසුවෙන් අපගෙන්ම ලබාගැනීමයි. මේ site ඉතාමත් නීත්‍යානුකූල ස්වරූපයක් පෙන්නනවා. මේක වෙන්නේ අපට ලැබෙන E-Mail ආදියේදී අප ලබා දෙන දත්ත මගින්, අප සාමාජිකත්වය ලබාගෙන ඇති සමාජීය වෙබ් අඩවි (Social Networking) වලින්, අන්තර්ජාලය හරහා සිදුකරන යම් යම් Online ගනුදෙනු වලදී අප ලබාදෙන තොරතුරු උපයෝගී කරගෙන සහ තවත් නොයෙකුත් අපට සැකයක් ඇති නොවන ක්‍රම මගින් කිසිදු සැකයක් ඇති නොවන ලෙසට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.

අද වෙද්දි මෙම Phishing කටයුතු වල යෙදී සිටින්නන් වැඩිපුරම අවධානය යොමු කර තිබෙන්නේ සාමාජීය වෙබ් අඩවි ආදියටයි. මොකද ඒවායෙන් හොරකම් කරගන්න තියන දත්ත ප්‍රමානය වැඩියිනෙ. ඒ නිසා තමයි ඒ සමාජීය වෙබ් අඩවි වලට ඇතුල් කරන දත්ත එම වෙබ් අඩවි වලට ඇතුලු කරද්දි විවිධ උපක්‍රම භාවිත කිරීමට අපට උපදෙස් ලබා දීම හා කලින් කලට ආරක්ෂිත ක්‍රම වල යාවත්කාලීන කිරීම් සිදුකරනුයේ.